
සැමට ප්‍රවේශ විය හැකි
කැරිබියානු දුපතක් වන එලියුතෙරා හී මිනිසා විසින් සාදන ලද පාලමක් මත හිඳ අත්ලාන්තික් සාගරයේ තද නිල් පැහැති ජලය සහ කැරිබියානු මුහුදේ කොළ පැහැයට හුරු නීල වර්ණය ඇති සන්සුන් ජලය අතර ඇති වෙනස නරඹන්නන්ට ඉමහත් ප්‍රීතියක් ගෙන දෙන්නේය. කාලයාගේ ඇවෑමෙන් ඒ ස්ථානයට හැමූ කුණාටු නිසා ස්වාභාවික ගල් ආරුක්කුවකින් සළකුණු කරනු ලැබූ මුල් බිම් කොටස සේදී ගොස් ඇත. එලියුතෙරාහී සංචාරක ආකර්ශණයක් වූ…
විනය උගන්වන ප්‍රේමය
ඇය දොර තදින් වැසුවාය. ඇය නැවතත් දොර තදින් වැසුවාය. මම ගරාජයට ගොස් මිටියක් සවිට අහ ඉස්කුරුප්පු නියනක් ගෙන මගේ දියණියගේ කාමරයට ගියෙමිමි. “දුව. ඔබේ කෝපය පාලනය කිරීමට ඔබ ඉගෙන ගත යුතුයි” සන්සුන්ව ඇයට කීවෙමි. පසුව මම ඇයගේ කාමරයේ දොර ඉවත් කර ගරාජයට ගෙන ගියෙමි. මගේ බලාපොරොත්තුව වූයේ තාවකාලිකව දොර ඉවත් කිරීම ඇයට ආත්ම දමනයෙහි වැදගත්කම මතක් කර දීමට උපකාර වේ…

නිර්භීත ප්‍රේමය
සමහර රූප කෙතරම් බලවත්ද කිවහොත් ඒවා අමතක කළ නොහැකිය. නැසීගිය වේල්සයේ ඩයනා කුමරියගේ ඡායාරූපයක් දැකීමේදී මා ලැබූ අත්දැකීම එය විය. බැලූ බැල්මට එම දර්ශනය ඒකාකාරී ලෙස පෙනේ. උණුසුම් සිනහවකින් කුමරිය නාඳුනන මනුෂ්‍යයෙක්ට අතට අත දෙන්නීය. නමුත් එය විශිෂ්ඨ එකක් කරනුයේ ඡායාරූපයේ කථාවයි.
1987 අප්‍රේල් 19 වන දින ඩයනා කුමරිය ලන්ඩන් මිඩ්ල්සෙක්ස් රෝහලට ගිය විට එක්සත් රාජධානිය ඒඩ්ස් වසංගත භීතියේ රැල්ලට…


යහපත් කරදර
ඇමෙරිකානු කොන්ග්රස් සභිකයෙකු සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ නායකයෙක් වූ ජෝන් ලුවිස් 2020 දී මිය ගිය විට බොහෝ දේශපාලන පෙළඹවීම් ඇති අය වැලපුණහ. කළු පුරවැසියන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා 1965 දී ලුවිස්, මාර්ටින් ලූතර් කීං (කණිෂ්ඨ) සමග පා ගමනින් ගියේය. පා ගමන අතරතුර ලුවිස්ගේ හිස් කබල ඉරිතලා ගිය අතර එම කැළැල් ඔහුගේ ජීවිත කාලය පුරාවටම තිබුණි. “හරි නැති, සාධාරණ නොවන,…
පළමුව සමාව දෙන්න
අපි අපව “ක්‍රිස්තුස්වහන්සේ තුළ සහෝදරියන්” ලෙස හඳුන්වා ගත් නමුත් මගේ සුදු මිතුරිය සහ මම සතුරන් මෙන් ක්‍රියා කළෙමු. එක් උදෑසනක අවන් හලක උදෑසන ආහාර ගනිද්දී අපි අපගේ වෙනස් වාර්ගික අදහස් ගැන තර්ක කළෙමු. ඉන්පසුව අප වෙන්ව ගියේ නැවතත් අප මුණ නොගැසෙන බවට සපථ කරමිනි. කෙසේ වෙතත් වසරකට පසුව නැවතත් අපව එම කිතුනු සේවය මගින්ම සේවයට කැඳවා තිබුණි. එකම දෙපාර්තමේන්තුවේ සේවය…
